ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක්

Share

ඩ්‍රෝන යානා පිළිබද දීපව්‍යාප්ත සංගණනයක් පැවැත්විමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් අදාළ සංගණනය සිදු කෙරෙනු ඇති.

මේ වන විට සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති ඩ්‍රෝන යානා ගණන 500 ක් පමණ වේ.

අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම මෙම සංගණනයේ අරමුණයි.

ඊට අමතරව ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියට ද මේ යටතේ අවස්ථාව හිමිවනු ඇති.

අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තාවකාලිකව තහනම් කෙරුණි.

ජාතික වැදගත්කමක් සහිත අවස්ථාවලදී පමණක් ආරක්ෂක අමාත්‍යංශය ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට අවසර ලබාදෙන්නේ ගුවන් හමුදා නිලධාරියෙකුගේ අධීක්ෂණය ද සහිතවයි.

සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.

Read more

Local News