වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මකයි

Share

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (22) සිට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වෙයි.

අද පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මෙම වැඩ වර්ජනයට හේතු වී තිබේ.

වර්ජනය ක්‍රියාත්මක වුවද මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසයි.

Read more

Local News