රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දිප ව්‍යාප්තව අද (22) උදැසන ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට මෙන්ම රෝගින් ද දැඩි ආසිරුතාවයකට පත් වි ඇත.
වර්ජනය අද පෙරවරු 8.00 ආරම්භ වු අතර එය හෙට (23) පෙරවරු 8.00 දක්වා පැවැත් වේ.
ඖෂධ හිඟය, බාල ඖෂධ සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු කරුණු 08ක් මුල්කර ගනිමින් මෙලෙස වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ්.
කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවේ.