ගිනිඅවි පහක් සමඟ පස් දෙනෙක් STF අත්අඩංගුවට

Share

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ සුදුගල මව්ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක රාජසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්වෙල පාර හම්බෙගමුව යන ලිපනයේ පදිංචිකරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35-56 අතර පසුවන්නන් පිරිසක් වන අතර සැකකරුවන් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙම ගිනිඅවි ළග තබාගන්නට ඇති බව පොලීසිය සැකපල කරයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සූරිය පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News