පැරෂුට් පුහුණුවක් අතරතුරදී මියගිය සෙබළාගේ දේහය නිවසට රැගෙන එයි

Share

පැරෂුට් පුහුණුවක නිරතව සිටියදී පසුගිය 20 වනදා පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් සිදුවූ අනතුරින් ජිවිතක්ෂයට පත් කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ යුද හමුදා නිලධාරී චම්පික කුමාරසිංහ මහතාගේ දේහය සිය නිවසට ගෙනැවිත් තිබේ.

අද (22) අළුයම 1.30ට පමණ මෙම දේහය මාතර, කිරින්ඳ, පුහුල්වැල්ල, ඕවිටිගමුව ප්‍රදේශයේ පිහිටි එම නිලධාරීයාගේ නිවස වෙත රැගෙන විත් තිබේ.

යුද හමුදා නිලධාරී චම්පික කුමාරසිංහෙ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) දින පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

Read more

Local News