පසුගිය අගෝස්තු 18 වැනිදා පැවැත් වු රැළියෙන් පසුව ඇතැම් පිරිස් කලබලයට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ පැවසීය.
“පස්සේ ඇතැම් පිරිස් කලබල වෙලා. ගම්මන්පිල වගේ දේශපාලන අතදරුවන් ගෝල්ෆේස් රැළිය පිළිබඳව විවිධ කතා කියනවා. මේ දේශපාලන අතදරුවන් අවධානය දිනාගන්න සෙල්ලම් බඩු පොළොවේ ගහනවා.
අපි ඒවා ගණන් ගන්නේ නැහැ. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව නියෝජනය කරමින් රට ගොඩනැගීමේ තීරණාත්මක සන්ධිස්ථානය අපි පසුගිය 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී සනිටුහන් කළා.
රට වෙනස් කිරීමේ යෝද පියවර තැබුවා. ජාතික ජන බලවේගයේ අපේකෂකයා ලෙස ඉදිරිපත් කොට තිඛෙන අනුර දිසානායක සහෝදරයා මහ පොළොවේ පය ගහපු ගොවි, ධීවර, ශිෂ්‍ය කම්කරු ජනතාවගේ හද ගැස්ම හඳුනන දේශපාලන පරිණතභාවයක් තිඛෙන අවුරුදු ගණනාවක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු සහෝදරයෙක්. ඔහු සමඟ අපි ජනාධිපතිවරණයට සූදානම්.
තව මාස 3කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එජාප, රාජපකෂ කඳවුරේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති සමානයි. හොරකම, නාස්තිය, දූෂණය ඒ කඳවුරේ ජාන ලකෂණයයි.
ඒ අපේකෂකයින් වටා ඉන්න බොහෝ පිරිසක් චූදිතයින්, අපරාධකාරයින්, අධිකරණවල නඩු තිඛෙන පුද්ගලයින්. ඒ අයත් එක්ක කොහොමද ජනතාවාදී පාලනයක් හදන්නේ, ආර්ථීකය ගොඩගන්නේ? ඔවුන් රට ගොඩනගන්න සුදුසුද? පහුගිය වසර 70ක කාලය තුළ රට හදන්න බැරි බව ඔවුන් විසින් ඔප්පු කර තිඛෙනවා.
ඒ නිසා එම හොරුන්ගේ කඳවුරට එරෙහි පිල ජාතික ජන බලවේගයයි. ජනතාවට තිඛෙන එකම විකල්පය ජාතික ජන බලවේගයයි. අපිට හොඳ ප්‍රතිපත්තියක් තිඛෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා හොඳ දේශපාලන නායකත්වයක් තිඛෙනවා, එම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීම සඳහා මැදිහත් වන ලෙස ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූම දෙනාට අපි ආරාධනය කරනවා. “