එජාපයේ අපේක්ෂකයා ජනතාව වෙනුවෙන් වැඩකරන්න හිත ඇති පුද්ගලෙක්

Share

ජතාවගේ හිත දිනාගත්ත ජනතාව වෙනුවෙන් වැඩකරන්න හිත ඇති පුද්ගලෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කර බව අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

රත්නපුර නිවිතිගල හොරංගල ගම ඇතුළත මාර්ගය කොන්ක්‍රිට් කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය,

“අද ජනාධිපති අපේක්ෂකයෙක් ගැන විතරයි කතා කරන්නේ. මේ ජනාධිපති අපේක්ෂකයව දිනවන්න අවශ්‍ය වෙලා තියෙන්නේ සුළු පිරිසක් වෙච්ච ධනවත් ව්‍යාපාරිකයන්ටයි. මොකද ඒ අය අවුරුදු 10ක් මේ රට කළා ඒ අවුරුදු 10 තුළ හැම කෙනෙකුටම වරප්‍රසාද තිබුනා ඒ ධනවත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ ර‍ටේ අහිංසක මිනිස්සු මරපු යුගයක් තිබුනා.

අමතක කරන්න එපා රතුපස්වල වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන වෙලාවේ ඒ දරුවො දෙන්නෙකුට වෙඩිතියපු එක. අද එහෙම නෑ. එහෙම කරන්න උවමනාවකුත් නැහැ. සමහර අය මවුබිම ගැන කතාකරනවා, බුද්ධාගම ගැන කතාකරනවා, අපිටත් පුළුවන් අනිත් අය හදපු චෛත්‍යවල කොත පළන්දන්න.

හැබැයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පුළුවන් වුනා මේ රටේ නොවන මේ රටට විදේශිකයන්ගෙන් මුදල් එන මධ්‍යම සංස්කෘතික අරමුදලින් ලක්ෂ විසි හය දාහක් දුෂ්කර පංසල් වල වැඩිදියුණුවට දහම් පාසල්වල වැඩිදියුණුවට මේ කාලය තුල පුළුවන් වුනා. හැබැයි ඒකත් වරප්‍රසාද ලැබුන කොටසකට විතරක් ලැබුණු එක කාලයක් තිබුනා.

ජනාධිපතිවරණය තාම ප්‍රකාශයට පත් වෙලා නෑ. හැබැයි ජනාධිපති අපේක්ෂකයෙක්නම් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා ඒ ජනාධිපති අපේක්ෂකයා ගැන ඉස්සරහට හොඳ හොඳ දේවල් දැනගන්න පුළුවන් වේවි.

අපේ ජනාධිපති අපේක්ෂකයා ගැන කවුරුත් සැක හිතන්න එපා පොළවේ පය ගහලා අහිංසක මිනිස්සුන්ගේ හිත දිනාගත්ත අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩකරන්න හිත තියෙන මිනිහෙක් අපි අපේ පක්ෂයෙන් දාලා අපි ජයග්‍රහණය කරනවා යැයි“ ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News