සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Share

අ.පො.ස සාමාන්‍ය පෙළ 2018 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) නිකුත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මෙවර නැවත සමීක්ෂණය සඳහා 97,895 දෙනෙකු අයඳුම් කර තිබේ.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මේ වන විට ලබා ගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් පහත දුරකථන අංක වෙත ඇමතුමක් ලබා දිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News