කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (22) අළුයම මුලතිව්, උප්පුකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.460 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ මුලතිව්, උප්පුකුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද සිදු කළ සෝදිසි කීරිමකදී මාර්ගයේ තිබූ සැක කටයුතු මෝටර් රථයක් නිරික්‍ෂණය කර තිබේ.

එහි තිබු පාර්සලයක් පරික්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය හමු වී ඇත.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා‍ තොගය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Read more

Local News