ජනපති සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයෙක් හමුවෙයි

Share

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නියෝජිත Robert Juhkam මහතා අද (22)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් දැනට මෙරට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳව මෙහිදී නියෝජිතවරයා ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට අනුකූලව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමෙහිලා ශ්‍රී ලංකාවට සහය දක්වනබවටද ජනාධිපතිවරයා වෙත සහතික විය.

Read more

Local News