සජිත්ගේ මුදල් වංචාවක් ගැන කංචන හෙළි කරයි

Share

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දියයුතු තිබූ මුදල් ලබා දීම පැහැරහැර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (22) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා මේ පිළිඳව අඳහස් පල කළේය.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට සහතිකයක් ලබා දුන්න ද මධ්‍යම සංස්කෘතික අරමුදල විශය භාරව පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් යම් දෙයකට මුදල් වෙන් කරන්නේ නම් ඒ සඳහා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ලැබෙන අරමුදලෙන් අවම වශයෙන් සියයට 25ක මුදලක් සෑම වසරකම පුරා විද්‍යා කටයුතු වෙනුවෙන් වෙන් කළ යුතු බවට කොන්දේසියක් ඇති බවත් නමුත් සජිත් ප්‍රේමදාස මහතා යටතේ ඒ සඳහා කිසිදු මුදලක් ලබා දී නොමැති බවත් කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදලින් රුපියල් බිලියන එක හමාරකට වැඩි මුදලක් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ප්‍රවර්ධනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් යොදාගෙන ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම මුදල් වංචාව දෙවෙනි වන්නේ බැඳුම්කර වංචාවට පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News