වෛද්‍ය වර්ජනය අවසන්

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්තව සිදුකළ එක්දින සංකේත වැඩවර්ජනය අද (23) උදෑසන 08.00 න් අවසන් වෙයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ සිය ගැටළුවලට විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණි.

Read more

Local News