මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් අවසන්

Share

පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාවට ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයෙන් සියයට 99 ක් අවසන් කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විධායක ජනාධිපතිධුරය හැරුණු විට මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වු අනෙක් සියලුම දේ ඉටු කර ඇති බව ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයටද ජයග්‍රාහී අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවයි.

බෙල්ලන්විල විහාරස්ථානයට ඊයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News