වයස අවුරුදු 60 දී විශ්‍රාම යා යුතුයිද ?

Share

වැඩ කරන ජනතාව වෙනුවෙන් වෘත්තීය ආරක්ෂාව ස්ථාපිත කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ(23) කොළඹ පැවති උත්සවයකදීය.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය මඟින්ය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

“වෘත්තීය ආරක්ෂාව අද වන විට නිෂ්පාදන ක්ෂේත්‍රෙය් මෙන්ම අනෙක් අංශ වලත් ජාත්‍යන්තර මට්ටමට ඇවිත් තිබෙනවා. වෘත්තීය ආරක්ෂාව වැඩ කරන ජනතාව වෙනුවෙන් ඉතා අත්‍යවශ්‍ය සාධකයක්.

එය අපේ කම්කරු ප්‍රතිපත්ති තුළත් ඉතා වැදගත් සාධකයක්.වැඩකරන සෑම කෙනෙක්ම ඒ යටතේ ආරක්ෂා විය යුතුයි.එය මහපරිමාණ ව්‍යාපාර වලට පමණක් නෙමෙයි අනෙකුත් කුඩා ව්‍යාපාර වලට ව්‍යාප්ත කළ යුතුයි.

මම ස්තූතියවන්ත වෙනවා මේ රටේ ව්‍යවසායකයින්ට වැඩ කරන ජනතාව වෙනුවෙන් වෘත්තීය ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව.අපි තේරුම් අරන් තියෙනවා අපේ වැඩ කරන පිරිස මහ පරිමාණයෙන් නැහැ.අපේ ජනගහනය පුළුල් වී නැහැ. එය ඉතා අඩුයි. විරැකියාවෙන් පෙළෙන අය ආරක්ෂා කළ යුතුයි.

එයින් කියන්නේ ඉදිරි කාලය තුළ වයස අවුරුදු 60 දී විශ්‍රාම යනවා කියන එක නෙමෙයි , ඊට වඩා කාලයක් සිටිය යුතු බවයි.“

Read more

Local News