මේ දිනවලදී තරමක් වාසනාවන්තයිද ?

Share

මාතර පැවැත් වීමට නියමිත රැළිය එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් එක් කරන රැළියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

අද(23) ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මාතර රැළියට සහභාගී වීමේ ගැටළුවක් නොමැති බව ද සඳහන් කළේය.

මේ දිනවලදී තරමක් වාසනාවන්ත බවත් පැවසු බන්දුලාල් මහතා, රාත්‍රී කෑම වේලවල් සඳහා මේ දිනවල ආරාධනා ලැබෙන බවත් පැවසීය.

මේ අතර මාධ්‍යවේදීන් විසින් අගමැතිවරයාගේ ආරධනයක් සම්බන්ධයෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, අගමැතිවරයා එන්න කියු විට නොගිහින් බැරි බවද සිනා මුසු මුහුණින් කියා සිටියේය.

අගමැතිවරයා අරලියගහ මන්දිරයට එන්න පැවසු විට නිසැකයෙන්ම යන බවත් පැවසු මන්ත්‍රීවරයා, “කෑම දෙනවද නැද්ද දන්නේ නෑ මම නම් යනවා“ යනුවෙන් පැවසීය.

බොහෝ අවස්ථාවලදී අගමැතිවරයා තම පෞද්ගලික වියදමින් කෑම ලබා දෙන බවත් පැවසු බන්දුලාල් මහතා “ යනවා රැස්වීමට කෑම දුන්නොත් කනවා“ යනුවෙන් ද කියා සිටියේය.

අද වන විට මාධ්‍ය නිසා කිසිදු නිදහස් නොමැති බව පැවසු මන්ත්‍රීවරයා, යහළුවන්ගේ නිවසකට හෝ යන්න බැරි බවත් පැවසීය.

අද වන විට ශරීර කෘතියක් කර ගන්නවත් යන්න බැරි බවත් පැවසු ඒ මහතා, පොඩි පොඩි සාකච්ඡා ගැන කලබල විය යුතු නැතැයි  ද කියා සිටියේය.

එමෙන්ම, ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කර නොමැති බවත් එය කෘතියාධිකාරී මණ්ඩලය විසින් හා පාර්ලිමේන්තුව තුළින් පමණක් තීරණය කරන ලද්දක් බවත් පැවසීය.

එදාටත් අදටත් හෙටතත් ජනාධිපති ධූරයට සුදුසුම කෙනා සජිත් ප්‍රේමදාම බව තමාගේ මතය බවත් පැවසු ඒ මහතා, ඒ මතය වෙනස් නොකරන බවස කියා සිටියේය.

තමාගේ ස්ථාවරය වන්නේ,ජනතා සේවය දෙස බැලීමෙන් ජනතාවට සේවයක් කල හැකි නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම බවද පැවසු බන්දුලාල් මහතා සන්ධානයට අවශ්‍ය ව්‍යවස්ථාමය ගැටළු නිරාකරණය කර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

Read more

Local News