අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයො හැටියට

Share

අපට තරගය කිරීමට ඇත්තේ රට තුළ නොව ලෝකය සමඟ බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බිදියුදීන් මහතා පැවසීය.

ඊයේ(22) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ බව පැවසීය.

” මම සතුටු වෙනවා විෂය භාර අමාත්‍යවරයා ලෙස අද ඔබ මෙලෙස ඇමතීමට හැකිවීම ගැන. අද විශ්ව විද්‍යාල සඳහා වසරකට 30,000 ක් පමණ පිරිසක් ඇතුළු වෙනවා.

වෘත්තීය පුහුණුව සඳහා ලක්ෂයක පමණ පිරිසක් ඇතුළත් වෙනවා. තවත් ලක්ෂයකට අධික පිරිසක් කිසිවක් නැතුව සිටිනවා.  මීට කලින් වෘත්තීය පුහුණුව සඳහා ඇතුළුවීමට මුදලක් අය කළත් අපගේ රජය වෘත්තීය පුහුණුව නොමිලයේ ලබා දෙන්න තීරණය කළා.

හැම එකම නිකන් ලැබෙන කොට ඒවයෙ වටිනාකමක් දැනෙන්නෙ නෑ.  අද අපගේ රජය වෘත්තීය පුහුණුව සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියනවා.

එසේම අද වෙන තුරු මෙම අමාත්‍යාංශයේ හිටිය මැති ඇමතිවරු ඒ අයට හැකි පමණින් මහන්සිවෙලා වැඩ කරලා තියනවා. අපිට තියන තරගය ලෝකය සමඟ තියන තරගයක්.

අපේ තරගය මාතරටයි, ගාල්ලටයි, හම්බන්තොටයි , මන්නාරමයි  අතර තියන තරගයක් නෙවෙයි. ලංකාව ඇතුළෙ නෙවෙයි අපට තරගය තියෙන්නෙ. අපට තියෙන්නෙ ලෝකය සමඟ තරගයක්.

අපි හිතන්න ඕන මම බෞද්ධ, මම හින්දු, මම කතෝලික, මම අම්පාර කියලා නෙවෙයි. අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයො හැටියට. අපි මේ රට දියුණු කරන්න ඕන”

Read more

Local News