රාජ්‍ය අමාත්‍යවරයෙක් මාතර රැළිය ගැන කියන දේ

Share

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබුණ බැවින් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු බවත් මේ වන විට එම ප්‍රශ්න තරමක් විසඳී ඇති බැවින් නැවත වතාවක් අමාත්‍යධූර භාර ගත් බවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා පවසයි.

අද(23) සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වසර 4 ක් පුරා සිදු කල සමහර වැඩ අතරමඟ නතර වී ඇතැයි පැවසු අමාත්‍යවරයා ඒ වැඩ සම්පුර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය බවද පැවසීය.

මේ අතර මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අද රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවැත් වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කර සිටියේ ද යන්නයි.

එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා එයට සහභාගී වෙන බවත් පැවසීය.

මාතර සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියට අද දිනයේ දී සහභාගී වන්නේ ද යන්න ප්‍රශ්න කර සිටි මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා කියා සිටියේ එය රැස්වීමක් බැවින් එයට ආරාධනාවක් නොමැති බවයි.

අගමැතිවරයාගේ කෑමට යන බවත් සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් ඔහු වෙනුවෙන් වැඩ කරන බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, නිතර මේ දිනවල කෑම ඇති බවත් පැවසීය.

පක්ෂයේ විශේෂ රැස්වීමක් අද දිනයේ නොමැති බවද පැවසු ඒ මහතා අවසන්  පක්ෂ සියල්ල එකතු වී අවසන් තීරණය ගනු ඇතැයි ද කියා සිටියේය.

Read more

Local News