ගෝඨා බෙල්ලන්විල රජමහා විහාරය වෙත

Share

බෙල්ලන්විල රජමහා විහාරස්ථාන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (24) රාත්‍රියේ වීදි සංචාරය කළේය.

මෙම අවස්ථාව දැක ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණියේය.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාස්ථ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීම ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකෙරුණි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතින් කරඬුව හස්තියා මත තැන්පත් කිරීම සිදුවූ අතර අනතුරුව පෙරහැර වීථි සංචාරය ආරම්භ කළේය.

විහාරස්ථ ධාතු මන්දිරයෙන් ආරම්භ වූ පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටවී විහාර මාවත, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනාහිමි මාවත ඔස්සේ විහාරස්ථ ප්‍රධාන වාහල්කඩින් යළි විහාරස්ථානයට පැමිණ ධාතු මන්දිරය අසළින් අවසන් වුණි.

Read more

Local News