ගෝඨාට ඉතිහාසයේ නොවූ විරූ ජයක් ලැබෙන්නේ කොහොමද ?

Share

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවැරදි තීන්දුවක් ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කඩුවෙල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් මන්ත්‍රිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ කුමාර වෙල්ගම මහතා විසින් රෙද්ද බැනියම අදින කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බව ප්‍රකාශ කළ ද ඇඳුමෙක් කිසිවෙකු මැනිය නොහැකි බව හා කෙනෙකුගේ පෞරුෂය දැනුම බුද්ධිය පිළිබඳ තීරණය කරන්නේ ඔවුන් ලබා ගත් අධ්‍යාපනය, විනය යන සියලු කරුණුත් සමඟ බවයි.

ජනාධිපතිවරණයක් ළඟ තබාගෙන එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු නම් කර ගැනීමට නොහැකිව මෙතරම් අර්බුදයකට ලක් වුයේ ඉතිහාසයේ පළමු වතාවට බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එවන් තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතිහාසයේ නොවු විරූ ජයග්‍රහණයක් ලබා ගත හැකි බවත් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News