විදුලිසැර වැදීමෙන් හමුදා සෙබළෙක් මරුට

Share

සීගිරිය, ඉනාමලුව යුධ හමුදා කඳවුරේදී විදුලිසැර වැදීමෙන් යුධ හමුදා සෙබළෙකු මියගොස් ඇත.

එම කඳවුර තුළ වතු සේවයේ නිරතව සිටියදී අදාළ නිලධාරියාට විදුලිසැර වැදී ඇති බව පොලීසිය පැවසුවේය.

විදුලිසැර වැදීමෙන් බරපතල තත්ත්වයේ පසු වු එම නිලධාරියා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ඌව පරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News