සජිත් එනවානම් මම බොහෝම කැමතියි – විපක්ෂ නායක

Share

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමා ඊට බොහෝ කැමැත්තෙන් පසුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සුළු ජාතීන් බහුතරයකගේ කැමැත්ත ද මේ වන විට සිය පාර්ශවයට ලැබි ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන්ගේ 123 වන ජන්මදින උපහාර උළෙල සහ ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් විය.

උත්සවයෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

Read more

Local News