ශ්‍රී ලංකා – ඉන්දියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමින් අවසන් වෙයි

Share

නවදිල්ලියේ පැවැති ශ්‍රී ලංකා –  ඉන්දියා තෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්වූයේ අවසාන දින තරගයේ සියලු ගෞරවයන් ශ්‍රී ලංකාවට අත්වෙමිනි.

ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 410ක ඉලක්කයක් ලැබුණු අතර අවසාන දින පැය භාගයකට කළින් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු පහකට ලකුණු 299ක් ලබා ජයග්‍රහණයට තව ලකුණු 111ක් පිටුපසින් සිටියේ කඩුලු පහක් ද ඉතිරිව තිබිය දී ය.

තරගය නතර කරන විට ප්‍රථම වරට ටෙස්ට් තරගයට සහභාගි වන රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 74ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් ද ලබා සිටියේය.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් රවීන්ද්‍ර ජඩෙජා ලකුණු 81ක ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගනිමින් නිමා කළේය.

Read more

Local News