පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවු කළහකාරී සිද්ධීන්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකගෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිශන් සභාව විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම දිනවල අදාළ විමර්ශන සිදුවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ ක්‍රමවේදය සහ ඒවා නිතීවිරෝධි අත්අඩංගුවට ගැනීම් ද යන්න සම්බන්ධයෙන් එහිදී කොමිෂන් සභාවේ අවධානය යොමුවනු ඇත.
මීට අමතරව එම සැකකරුවන් රඳවා සිටින අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලිස් ස්ථාන නිරීක්ෂණය කිරිමට ද මානව හිමිකම් කොමිෂන් සභාවේ නිළධාරීන් සහභගී වීමට නියමිතයි.