එජාපයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ තීරණාත්මක සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ පැවැත්වෙන එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යෝජිත නව සන්ධානය සහ ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සිය අභ්‍යන්තර ගැටළු විසඳා ගෙන නව සන්ධානය හා ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ කඩිනමින් දැනුම් දීමට කටයුතු නොකළහොත් සිය පක්ෂයටද තීරණයක් ගැනීමට සිදුවන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.

මේ අතර මතුගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කුමන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවන බවයි.

Read more

Local News