මේ ආණ්ඩුව ත්‍රස්තවාදය නැවත ගෙනාවා – මහින්ද

Share

යුද්ධය අවසන් කිරීමෙන් පසු තවත් අවුරුදු 50ක් යනතෙක් මෙරට තුළ ත්‍රස්තවාදී ක්‍රියා සිදු නොවන බව පැවසීමට පසුගිය රජයට හැකි වුව ද වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ රටේ බෝම්බ පිපිරීම් නැවත ඇති වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (25) දෙනියාය ප්‍රදේශයේ පැවති පාක්ෂිකයන් ඇගයීමේ වැඩසටහනකට එකතු වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු 10ක් තුළ සිදු නොවු දෙයක් තමයි බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙන එක.

මේ ආණ්ඩුව ඒකත් ගෙනාවා. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය නැවත ගෙනාවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා දැන් ඔක්කොම අල්ලලා ඉවරයි කියලා.

ඒත් තාම ඉවර නෑ.

මේ වාගේ බොරු කියන්න පුළුවන්, මේ වගේ අභූත කතා කියන්න පුළුවන් අගමැතිවරයෙක් ලෝකේ කොහෙවත් නැතුව ඇති”

Read more

Local News