මැතිවරණ කොට්ඨාස සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 5000

Share

සියලු මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 5000 බැගින් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළ බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි යුගයක් මෙතෙක් නොතිබූ බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ල, කඩවත් සතර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික ස්ථාන සඳහා චෙක්පත් ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා එක් වෙමින්ය.

මෙහිදී ආගමික ස්ථාන 86ක සංවර්ධනට රුපියල් මිලියන 62ක මුදලක්ද, ආගමික ස්ථාන 18ක සූර්ය බලශක්ති ස්ථාපනය සඳහා ආධාර ලෙස රුපියල් මිලියන 9ක මුදලක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ලංකාවේම සංවර්ධන ප්‍රගතිය විසමසීම සඳහා සියලුම දිසාපතිවරුත්, ප්‍රධාන ලේකම්වරුත්, පළාත් පාලන කොමසාරිස්වරුන් ඉකුත් සතියේදී මම හමු වුණා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අතිරේකව රුපියල් බිලියන 6ක් අවශ්‍ය වී තිබුණා ගම්පෙරළිය සංවර්ධන වැඩසටහනේ කටයුතු සම්පූර්ණ කිරීමට.

සියලු මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 5000 බැගින් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළා.

ඉස්සර මහජන නියෝජිතයකු පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක්, 40ක් සිටි විට හමුවෙන මුදල් දැන් ලැබෙනවා. ලක්ෂ 3000 පළමු පියවර ලෙස නිදහස් කරල තියෙනවා. නැවත ලක්ෂ 2000ක් නිදහස් කරන්න තියෙනවා. ලංකා ඉතිහාසයේ මෙවැනි යුගයක් තිබිල නැහැ.

රජයට එහෙම කරන්න පුළුවන්කම ලැබිල තියෙන්නේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති කෙනෙක් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඇමති නිසා. ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. එතුමා විශාල ඉලක්කයක් සම්පූර්ණ කරන්නේ.

දකුණේ අගනුවර ගාල්ල. සිලෝන් ගෝල්. සිලෝන් ගෝල් අපි උගස් තියලා ගොඩක් කල් දැන්. සිලෝන් ගෝල් අපි හම්බන්තොටට උගස් තියල තියෙනවා.

ඒක තමයි යථාර්ථය. දකුණු පළාතේ වැඩිම ජනගහනය ගාල්ලේ. දකුණු පළාතේ ප්‍රධාන කාර්යාල අපට අහිමි වෙලා. දකුණු පළාත් හැදුනුම්පත් කාර්යාලය තව ටික දවසකින් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනවා. රුපියල් කෝටි 5ක් පමණ වියදම් කරනවා. තක්සේරු කාර්යාලයක් ගාල්ලේදී ළගදීම විවෘත කරනවා.

දකුණු පළාත් පාස්පෝට් කාර්යාලයත් ගාල්ලට ළගදීම ගෙන ඒමට කටයුතු කරනවා. එය දිසාපති කාර්යාලයේ බිම් මහලේ ආරම්භ කරනවා. දකුණු පළාතේ වැඩියෙන්ම රට ගිහිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්යේ. මේ අපරාධයෙන් ගාල්ල අනාථ කරල ඉවරයි. තවදුරටත් එහෙම තරන්න එපා.

මෙම කාර්යාල මෙයට පෙර ගාල්ලට ආවා නම් ගාල්ලට අනාගතයක් තියෙනවා. ඇයි? වැඩිම ජනගහනයක් ඉන්න තැන. ලෝකයේ පොත්පත්වල සිලෝන් ගෝල් ගැන ලියවෙනවා. සිලෝන් ගෝල්වලින් තමයි තේ පටවන්නේ. සිලෝන් ගෝල්වලින් තමයි රබර් පටවන්නේ. දැන් බලන්න සිලෝන් ගෝල් අනාථයි.

මගේ යුතුකම මම ඉෂ්ට කරනවා. සම්මන්ත්‍රණ ශාලාවට රුපියල් කෝටි 500ක් වියදම් කරනවා. මේ එකක් විතරයි. තව විශාල වැඩ කොටසක් කර ගෙන යනවා.

ගාල්ලේ අනාගතයේ අදුර නැති කර ගන්න තිබෙනවා. මට දුන් වරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සඳහාම නව ගොඩනැගිලි ඉදි කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉතිහසයේ කිසිඳු රජයක් සිදු නොකළ සංවර්ධනයක් අපි සිදු කරනවා. මේ දිස්ත්‍රික්ක සදහටම ජලයෙන් යට නොවන දිස්ත්‍රික්කයක් බවට 2020 වන විට පත් කරනවා.

පොහොට්ටුවට බලය තියෙනවා කියලා පළාත් පාලන ආයතන 20ට සල්ලි නොදී ඉන්න මට පුළුවන්. මම එහි සභාපතිලා සහ විපක්ෂ නායකයින් එකට පසුගියදා මම හමු වුණා. මම සල්ලි නොදුන්නොත් ගාල්ලේ අනාගතය අදුරු වෙනවා.”

Read more

Local News