ඉඩම් විකිණීය හැකි පනතක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්

Share

මෙරට දිස්ත්‍රික්ක හතරක ඉඩම් දේශිය හා විදේශිය ආයෝජකයින්ට විකිණිය හැකි වන ලෙස සකස් කළ පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එලෙස ඉදිරිපක් කළ පනත් කෙටුම් පත ශ්‍රි ලංකා රුහුණ ආර්ථික සංවර්ධන සංස්ථාව නම් පනත් කෙටුම්පත බවත් එම පනත් කෙටුම්පත තුළින් රජයේ සහ පුද්ගලික අංශයට අයත් ඉඩම් දේශිය හා විදේශිය ආයෝජකයින්ට විකිණිය හැකි වන ලෙස සකස් කළ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අද(27) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම පනත් කෙටුම්පතට එරෙහිව අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බවයි.

මේ අතර මිලේනියම් චැලේන්ජ් වැඩසටහන තුලින් 2050 දී එම ඉඩම් අයිතිය විජාතිකයින්ට හිමිකර ගැනීමට සැලැස්මක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read more

Local News