දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට යළි පත්කරයි

Share

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව ඊයේ (27) දිනයේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්ය.

මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයිමට අදාළව සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු කවර ආකාරයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වු සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම සිදුකළ යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය මාසයේදී ද දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

Read more

Local News