බුත්තල රක්ෂිතයක ගින්නක්

Share

බුත්තල පොලිස් වසමේ වෙළන් ආර කන්ද රක්ෂිතයේ ඊයේ (27) රාත්‍රී 8.00 ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

බුත්තල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය පැලවත්ත සීනි සමාගමේ ජල බවුසර් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි හා දේපල හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Read more

Local News