ඩිජිටල් විප්ලවය ආරම්භ කිරීමේ පුරෝගාමියා මෙන්න

Share

තමන් රටේ ඩිජිටල් විප්ලවය ආරම්භ කිරීමේ පුරෝගාමියා වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දෙහිඅත්තකණ්ඩියේ ඊයේ(27) පැවති උදා ගම්මාන විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන ව්‍යාපෘතිය යටතේ දෙහිඅත්තකණ්ඩිය වැව්මැදගම ඉදිවූ වැවසරගම සහ දෙහිඅත්තකණ්ඩිය මාවනාගම ඉදිවූ සේනානිගම උදා ගම්මාන ඊයේ ජනසතු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතිනි.

මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ,  ගම්උදා වැඩසටහනේ තවත් එක් පියවරක් වන්නේ සෑම ගමකම ඩිජිටල් තාක්ෂණය ප්‍රචලිත කිරීම බවයි.

වැඩ කරලා ඔප්පු කරන්න් නොහැකි වු අය ඩිජිටල් තාක්ෂණය ගැන කථා කළ හැකි බවත් පැවසු අමාත්‍යවරයා, ඔවුන්ට කිසිදාක ඩිජිටල් තාක්ෂණය දෙහිඅත්තකණ්ඩියට ගෙන යා නොහැකි බව ද පැවසීය.

මේ රටේ ඩිජිටල් විප්ලපය ආරම්භ කිරීමේ පුරාගාමියා වන්නේ එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ මේ රටේ හැරවුම් ලක්ෂය දියත් කරන සජිත් ප්‍රේමදාසගෙන් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News