කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (28) අළුයම මන්නාරම, පේසාලේ  ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, පේසාලේ  ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී ලියාපදිංචි නොකල සැකකටයුතු යතුරු පැදියක් නිරික්ෂණය කර ඇත.

එම යතුරු පැදිය වැඩිදුර පරික්ෂා කිරිමේදි සැකකරු සතුව තිබි අලෙවි කිරිම සඳහා රැගෙන යනු ලබන මෙම කේරළ ගංජා තොගය සොයා ගන්නා ලදි.

මෙම සැකකරු වයස අවුරුදු 23 ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන තිබේ.

එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පේසාලේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

Read more

Local News