නිවසක් තුළ නිදන් හැරූ පහක් අත්අඩංගුවට

Share

පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලීසිය විසින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5ක් ඊයේ(27) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අවිස්සාවේල්ල නගරයේ නිවසක් තුළ මොවුන් නිදන් හාරමින් සිට ඇති අතර එහිදී කැණීම් සඳහා උපයෝගී කර ගත් උදළු කීපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත, අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද(28) දින අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News