වැල්ලවාය කුරුළුගල කඳු රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුරුගම ග්‍රාම නිලධාරී වසමේ කුරුළුගල කදු රක්ෂිතයේ අද (28) දහවල් කාලයේ සිට විශාල ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ගින්න මේ වන විට රක්ෂිතය පුරා ව්‍යාප්ත වී ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙම ගින්න අසල ඇති රක්ෂිත වලටද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකයේ දැනුම් දීමකට අනුව යුද හමුදා භට කණ්ඩායමක් ගින්න මැඩලීමට යොදවා තිබේ.

ඇල්ල වැල්ලවාය මාර්ගය අසල ප්‍රදේශයේ රාවණා ඇල්ල ජලපෝෂක ප්‍රදේශයට පහලින් මෙම රක්ෂිතය පිහිටා ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇත.

කිසියම් පුද්ගලයකු රක්ෂිතය ට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News