මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කළයුතු දේ සජිත් කියයි

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගම්පහ මහර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“මට එක පාරටම මතක් වෙනවා සිංගප්පූරුව. අමෙරිකානු ජාතික පුද්ගලයෙක්. ගුවන්තොටුපළෙදී අත්අඩංගුවට ගත්තා හෙරෝයින් ප්‍රමාණයක් සමඟ. නීතිමය ක්‍රියාමර්ගය අවසන් වූ විට. ඔහුට මරණ දඬුවම ලැබුනා.

මරණ දඬුවම ලබා දෙන දිනයේදී එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා දුකථනයෙන් සිංගප්පූරු අගමැතිවරයා ආමන්ත්‍රනය කරනවා. කරුනාකරලා මේ ලබා දුන්න මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර ගෙදරට යොමු වෙන ආකාරයට සංශෝධනය කරන්න කියලා.

සිංගප්පූරු අගමැතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාට කියනවා. ගරු ජනාධිපතිතුමෙනි ඔබ පත් වුණේ අමෙරිකාවේ ජනතාව රකින්න. ඔබ ඔබගේ රාජකාරිය කරන්න. මම සිංගප්පූරුවේ අගමැතිවරයා විදිහට. මගේ රට ආරක්ෂා කරන්නට ඕනේ. ඒ නිසා මම මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා.

අපිට සුපුරුදු දර්ශනය මොකක්ද. විදේශ රටවල් මොනවාහරි බලපෑමක් එල්ල කරනකොට. විවිධ පුද්ගයින් කොන්ද කෙලින් තියාගෙන ප්‍රතිචාර දක්වනවා වෙනුවට. දෙකට තුනට හතර නැමිලා දන ගහලා. කකුල් දෙක ළඟ ඔළුත් තියලා. රට පාවා දෙනවා. රටේ ආත්මයත් පවා දෙනවා. සංස්කෘතියත්, අපේ කමත්, ගමේ කමත්, තමන්ගේ ජංමෙත් පවා දෙනවා.

ප්‍රතිපත්තිමය වශයෙන් මරණීය දන්ඬනයට මම ඒ තරම් කැමති නැහැ. නමුත් පුනපුණාම හිරගෙදර දමලත්.එළියේ හිටියත් වැඩිය මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්ත වෙනවා නම්. අපේ රටේ දරුවන් ලක්ෂ ගණනින් දශ ලක්ස ගණනනින් මත් රකුසා බිලි ගන්නවා නම්. අපිත් හිතන්නට ඕනේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ට විරුද්ධව තදබල තීන්දු තීරණ ගන්න.“

Read more

Local News