ආණ්ඩුවක් පත් වෙන්නේ ඇයි ?

Share

ආණ්ඩුවක් පත්වන්නේ එක් දේශපාලන පක්ෂයකට පමණක් සේවය කිරීමට නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ගම්පහ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළේය.

අද වන විට රට තුළ දේශපාලන වශයෙන් සංකීරණ හා ආස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් එම අස්ථාර තත්ත්වය තිබුණත් ආණ්ඩුව ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිය පැවසීය.

ආණ්ඩුවක් පත් වන්නේ මුළු රටටම වැඩ කිරීම සඳහා බවත් දේශපාලන වශයෙන් මොනයම් ගැටළු තිබූණත් රජයේ නිලධාරීන්ගේ වගකීම වන්නේ තමා සතු කාර්ය නිසි ලෙස සිදු කිරීම බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News