ස්වෛරී රාජ්‍යයක මහජන ආරක්ෂාව සැපයීම අභියෝගයක්

Share

බහු සංස්කෘතික සමාජයක ආරක්ෂාව සැපයීමේදී සන්ධාන හමුදා වෙත කැපී පෙනෙන වගකීමක් පැවරී ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ සෑම ජන කොටසකගේම අයිතීන් සුරක්ෂිත වන ආකාරයෙන් නව ක්‍රමවේදයන් ඔස්සේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව අමතමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සමුළුව ආරම්භ වුණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ තොරතුරු යුගයක් තුළ ස්වෛරී රාජ්‍යයක මහජන ආරක්ෂාව සැපයීම අභියෝගයක් වී ඇති බවයි.

Read more

Local News