කැන්ටබරි අගරදගුරු දිවයිනට

Share

කැන්ටබරි අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

කැන්ටබරි අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් අද පෙරවරු 9.20ට පමණ දිවයිනට පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයෙන් මෙරටට පැමිණි උන්වහන්සේ කොළඹ සහයක රදගුරු හිමියන් හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අරමතුංග මහතා ඇතුළු පිරිසක් විසින් පිලිගනු ලැබුවේය.

ගුවන්තොටුපල සටහන් පොතේ සටහන් තැබීමෙන් අනතුරුව උන්වහන්සේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණියේය.

Read more

Local News