ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ

Share

ජනාධිපතිවරණය අභිමුවෙහි ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අද (29) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“හැම වේදිකාවකම අගමැතිවරයා කියනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අල්ලලා තිඛෙන්නේ කියලා. නමුත් මේ වෙන කොට එක එක තැන්වලින් බෝම්බ ආයුධ සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

එජාපය අභ්‍යන්තරයෙන්ම අද ත්‍රස්තවාදීන් ඉන්නවා. ඒ නිසා අගමැතිවරයාට එළියේ  ඉන්න ත්‍රස්තවාදීන් සහ ඇතුලේ ඉන්න ත්‍රස්තවාදීන් අඳුර ගන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැම කණ්ඩායම් රැස්වීමකදීම අපි ඉල්ලන්නේ රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න කියලයි.

අපි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒ ගැන අවධාරණය කළා. මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය බය බිරාන්ත වෙලා ඉන්නවා.

පසුගිය කාලයේ අගමැතිවරයාට සහ එජාපයට ආපු පීඩන වලදී අගමැති රනිල් වික්‍රමසිංහ විවිධ තීරණ ගන්නවා අපි දැක්කා.

එජාපයේ නායකත්වයට කැරලි ගැසූ බොහෝ අය අද ජීවතුන් අතර නැහැ. ගාමිනි අතුකෝරළ වගේ  අය එජාප නායකත්වයට එන්න හිටපු අයයි.

ඒ වගේ විශාල පිරිසක් අද ජීවතුන් අතර නැහැ. තමුන්ගේ පක්ෂයේ අයගෙම පරීක්ෂණ තවමත් ඉවර කරගන්න බැරිව ඉන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් සම්බන්ධ ක්‍රියාවලදී පරීක්ෂණ හරියාකාරව ඉටු කරන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් තිඛෙනවා.

මේ තත්ත්වය තුළ අපි අපේ නායකයෝ ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා උතුරේ සහ දකුණේ අන්තවාදීන් සහ පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධ වැටලීම් හරියාකාරව සිදුකරන්න කියලා අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලනවා.

මේ දවස්වල එජාපයට සම්බන්ධ ඇමතිවරුන්ගේ බංගලාවල ප්‍රියසම්භාෂණ රෑ දෙගොඩහරි යාමේ වෙනකන් තිඛෙනවා. එහෙම තියාගෙන දවල් දහයට එකොලහට අමාත්‍යාංශය වලට ගිහිල්ලා මේ රටේ ආර්ථීක ප්‍රගතියට විරැකියාවට ජනතාවගේ අවශ්‍යතාවලට වැඩ කරන්නෙ කොහොමද.

සජිත් ප්‍රේමදාස කියනවා ජනතාව  ඒක්ක මරාගෙන මැරෙනවා කියලා. ඒක භයානක කතාවක්.

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා දාහත් වසරක්  ආණ්ඩු පක්ෂය ගෙනල්ලා එජාපය විනාශ කරලා මරාගෙන මැරුණා.

අද සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය මරාගෙන මැරිලා ඉවරයි.

ඩී එස් සේනානායකගෙන් පස්සේ එජාපය රටට කරපු දෙයක් නැහැ. එජාපය පසුගිය වසර ගණනාවක් තුළ රටේ දේපළ සම්පත් විකුණගෙන කෑවා හැර කරපු දෙයක් නැහැ. එජාපය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.

නමුත් රටේ ආරක්ෂාව ආර්ථීකය සංස්කෘතිය හැමදේම පහුගිය  අවුරුදු  හතරහ මාරක කාලය  තුළ ඉවර වුණා.

අවුරුදු හතරහමාරක දී අපි මේ දේ කළා කියලා පෙන්නන්න ආණ්ඩුවට දෙයක් නැති වෙලා තියෙන්නේ.”

Read more

Local News