ගෝඨා ශ්‍රිලනීපය භාර ගන්නවනම් එය ඉතාමත් හොඳයි

Share

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක සහ ඩීලාන් පෙරේරා යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

අද පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඔවුන් සිය පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබුණි.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පූර්ණ වශයෙන් සහයෝගය ලබා දීමට තමන් සූදානම් බවයි.

පොදු ජන පෙරමුණේ සියලු දෙනාම ඉතාම උණුසුම් අයුරින් පිළිගත් බවත් තම මහගෙදරට පැමිණියා මෙන් හැඟීමක් දැනෙන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගන්නේ නම එය ඉතාමත් හොඳ දෙයක් බවත් එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණ සමඟ එකතු වීමේ තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට පෙර ගත් තීරණයක් බවයි.

Read more

Local News