හෙට, අනිද්දා මුහුදු යන්න එපා

Share

හෙට (30) උදෑසන 6.00 සිට අනිද්දා (31) උදෑසන 8.00 දක්වා පැය 26 කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නයි සියලු ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් සඳහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70-80 ත් අතර දක්වා වු රළු ස්වභාවයක් ගනු ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ.

මේ හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශ ඉතාමත් රළු ස්වභාවයක් ගන්නා අතර, සෙසු මුහුදු ප්‍රදේශ ද පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැක.

ඒ හේතුවෙන් ප්‍රදේශයන්වල සිටින ධීවර හා නාවික ප්‍රජාවන්ට මුහුදු නොයන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තරයේ ප්‍රකාශ කර සිටියි.

ගොඩබිම ප්‍රදේශ සඳහාත් දකුණු පළාතේ සහ කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල හා මධ්‍යම කඳුකර ප්‍රදේශවවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා වෙනු ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read more

Local News