මූන්දලමේ සැකකටයුතු මරණයක්

Share

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කැබ් රථයකින් පැහැරගෙන යන බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත මූන්දලම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පසුව පුත්තලම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට රෝහලෙන් ලද තොරතුරක් මත විමර්ශන කිරීමේදී ඉහත පැහැරගෙන ගොස් ඇති පුද්ගලයා බව අනාවරණය වී ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු දසනායකපුර, සෙම්බැට්ට, මදුරන්කුලිය ලිපිනයේ පදිංචි අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදු කිරීමට නියමිත අතර මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News