රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට

Share

අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන් ඉහළ යම්න් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, රත්නපුර සුළු ගංවතුර මට්ටම මුවගම ජල මාපකයට අනුව මීටර් 6 ක් බවයි.

මේ වනවිට එහි අගය සටහන් වන්නේ මීටර් 5.3 ක් ලෙසයි.

මේ හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ කළු ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් මිලිමීටර් 100 ක තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

දකුණු පළාතේ සහ රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේත් පැයට කිලෝමීටර් 60 ක් දක්වා සුළං හමා යා හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් විය.

Read more

Local News