නීතිවිරෝධී විදෙස් දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

Share

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වෙයි.

මෙම සැකකරු ඊයේ (30) රාත්‍රී 10.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සගවා ගෙන සිටියදී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්.අයි.මොහොමඩ් සලීම් මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම ව්‍යාපාරිකයාට රුපියල් 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Read more

Local News