මං බෝක්කු හදන්නේ නෑ – අගමැති

Share

රට ගොඩනැගිය හැක්කේ සටන් පාඨ වලින් ජාතිවාදය ගොඩනැගීමෙන් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මං බෝක්කු හදන්නේ නෑ. මං බෝක්කු කාරයෙක් නෙවේ.

මං ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕනෙ නම් බෝක්කුකාරයන්ට භාර දෙන්න.

රට හදන්න ඕනෙනම් අපි එක්ක එන්න කියලා කියන්න කැමතියි.

අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරනවානම් මේ රට ගොඩගන්න පුළුවන්.

කෑ ගහලා සටන් පාඨ කියලා, ජාතිවාදයෙන් රට ගොඩගන්න බෑ.

අපි මේ ආණ්ඩු දාලා පැනලා ගියේ නෑ. අපි ඔක්කොම එකට හිටියේ.”

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ඉවසීමක් සහිත නායකයෙකු බවයි

Read more

Local News