සියලු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි

Share

තමා සෑම විටම සිටිනුයේ ප්‍රජාත්‍රන්තවාදී රාමුව තුළ බවත්, සෑම පක්ෂයක්ම ප්‍රජාතන්ත්‍රවාදී වියයුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

සියලු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවත් ප්‍රජාත්ත්‍රවාදීකරණය කළ යුතු බවත් ඒ මහතා පවසයි.

එසේම ජනතාවට සංවේදී වෙමින් ජනතා අපේක්ෂා ඉටු කළ යුතු බවත් තාක්ෂණයට හුරු පුරුදු වු තරුණ පරම්පරාවට නව අවස්ථාවක් දෙන ආර්ථිකයක් ඉදිරි අවුරුදු 5 දී ගොඩනැගිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News