එජාපයේ කිසිම ගැටුමක් නෑ – මනෝ

Share

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ කිසිඳු ගැටුමක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

පිළියන්දල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ පිරිස් එජාපය තුළ ප්‍රශ්නයක් ඇති බවට මතයක් නිර්මාණය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස එජාපය තුළ නිතර සංවාද ඇති වුවද අර්බුදයක් නැති බවත් ඒ මහතා පවසයි.

එසේම විපක්ෂය සිය අපේක්ෂකයා නම් කිරීමට ඉක්මන් වුවා වැඩි බව පවසන ඒ මහතා කියා සිටියේ එජාපයේ අපේක්ෂකයා නියමිත වේලාවට ඉදිරිපත් කරන බවයි.

එසේම එජාප මන්ත්‍රීවරු පිරිසකට විනය පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇත්තේ පක්ෂය තුළ නිසි ආකාරයට විනය ක්‍රියාත්මක වන නිසා බවත් මනෝ ගනේශන් මහතා පැවසීය.

Read more

Local News