පියසාර ශිල්පාධිපති මහතා දිවියෙන් සමුගනී

Share

ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වන පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වී ඇත.

බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන ලද පුද්ගලයන් අතර පියසාර ශිල්පාධිපති මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුව ඇත.

Read more

Local News