අද තිබෙන දඩ කොළය මිල ගණන් වැඩි

Share

සුරක්ෂිත සහ විනයගරුක රටක් බිහිකරන බවට තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ඊයේ(01) පැවැති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට එක්ව සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රට නැවතත් වැඩබිමක් බවට පත් කළ හැකි විනය ගරුක නායකයෙක් රටට ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය ඊයේ පස්වරු‍වේ පැවැත්වුනේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.

ඒ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, පසුගිය දා ගෝඨාභය මහතා විසින් දඩයට වඩා ආකල්පමය වෙනසක් ඇති කිරීම වැදගත් බව පැවසු බවයි.

පොලීසිය මඟින් නිකරුණේ සිදු කරනු ලබන දඩ ගැසීම්වලට පිළියමක් අවශ්‍ය බවත්, අද තිබෙන දඩ කොළය මිල ගණන් වැඩි බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

නැතිනම් මෙම දඩය ගෙවීමට යෑමෙන් වැඩි කාලයක් පැවතිය නොහැකි බවත්, දඩය ගෙවීමට දඩය ගෙවීමට දවස් 5ක් නිකන් වැඩ කළ යුතු බවත් එවිට දරු පවුල්වලට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

තම රජයෙන් තිබු මුල් ගල් පවා අද වන විට උස්සන් ගොස් වෙනත් තැන්වල තබා විවිධ විවෘත කිරීම් සිදු කරන බවත් පැවසු ඒ මහතා, කුමන ගලක් උස්සන් ගියත් මිනිසුන්ගේ හදවතේ ලියවිලා ඇති දේ මැකිය නොහැකි බවද  පැවසු මහින්ද රාජපක්ෂ මහතා, වැඩබිමක් වී තිබු මතෘ භූමිය නැවත දැවැන්ත සංවර්ධනයකට ගෙන යා හැකි දක්ෂ නායකයෙක් තෝරා ගෙන ඇති බවත් මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, තමා මේ රට තුළ විනය ගරුක සමාජයක් හදන බව පවසන විට ඇතැමුන් හමුදාමය ආණ්ඩුවක් ඇති රටක් ඇති කරන්න යන බවට ඇතැමුන් ප්‍රචාරය කරන බවයි.

පවුලේ අය ගැන ඔබ සැලකිලිමත් වන බවත්, පාසල් යන දරුවන්ට මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදි යා හැකි තත්ත්වයක් ඇති කිරීමට සැලකිලිමත් වෙන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙවැනි සුරක්ෂිත රටක් ඇති කිරීම පමණක් තම අභිමථාර්ථය බවද පැවසීය.

මහන්සි උපයා ගන්නා ධනය කප්පම් ලෙස ලබා දීමට සිදු වන්නේ නම්, තමාට කිසිවක් ඉතිරි නොවන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙම තත්ත්වය නැති කිරීමට තමා සුරක්ෂිත රටක් ඇති කිරීමට පොරොන්දු වු බවත් කියා සිටියේය.

වඩාත් ආරක්ෂිත හා විනය ගරුක රටක් නිර්මාණය කිරීමට තමා පොරොන්දු වුයේ කොළඹ නගරය ආසියාවේ වැඩියෙන්ම දියුණු වන නගරය කිරීමට කටයුතු කළේ ඇමතිවරයෙක් ලෙස නොව අමාත්‍යාංශයක ලේකම් වරයෙක් ලෙස බවද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ කිරීමට අවශ්‍ය නම්, ඇමතිකම් අවශ්‍ය නොවන බවත් පැවසීය.

ඇමතිකමේ සිට ජනාධිපති වීමට අවශ්‍ය නොවන බවත් තමා වැඩ කරලා පෙන්නපු අයෙක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News