ප්‍රබල අපරාධකරුවන් 20ක් බූස්ස බන්ධනාගාරයට මාරු කරයි

Share

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ තවත් අපරාධකරුවන් 20 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.

වැලිකඩ, දුම්බර හා විවිධ බන්ධනාගාර වල රඳවා සිටි අපරාධකරුවන් 20 දෙනෙකු මෙලෙස දැඩි ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගරය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

මාරු කර යැවු පිරිස බන්ධනාගාර වල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන රැඳවුවන් මෙන්ම විවිධ ගණයේ අපරාධ සැලසුම් කරන්නන් බවට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

එම රැඳවුවන් සඳහා බූස්ස බන්ධනාගාරය තුළ වෙන්කර ඇති සිරකුටි සඳහා දැඩි ආරක්ෂාවක් සළසා ඇති බව සඳහන්.

බුද්ධි අංශ මගින් මේ වනවිට නිකුත් කර ඇති  වාර්තාවන්ට අනුව තවත් දරුණු ගණයේ අපරාධකරුවන් 20කට ආසන්න සංඛ්‍යාවක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට නියමිත බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.

මීට පෙරද බුද්ධි අංශ මඟින් ලබා දුන් වාර්තාවක් මත ප්‍රබල අපරාධ කල්ලි සාමාජික කන්ජිපානි ඉම්රාන්, සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා”, මොහොමඩ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” යන අපරාධකරුවන් ඇතුළුව සිරකරුවන් 15 දෙනෙකු බුස්ස බන්ධානාගාරය වෙත මාරුකර යවා තිබුණි.

Read more

Local News