හදිසි ආපදාවන් නිසා විපතට පත් හම්බන්තොට ධීවර ජනතාවට මූදල් ආධාර

Share

හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑ කාලගුණික ආපදාවලින් හානි වු ධීවර පවුල්වලට සහන සැලසීම සදහා චයිනා මර්චන්ට්ස් ආයතනයේ Hambantota International Port Group PVT Limited විසින් ඇමරිකානු ඩොලර් 25,000ක මුදලක් (ලංකා රුපියල් 38,37,500) පරිත්‍යාග කළේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී මෙම මුදල්  පරිත්‍යාගය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා වෙත බාර දෙනු ලැබීය. මෙම මුල්‍ය ප්‍රතිපාදන ස්වාභාවික විපත් නිසා විපතට පත් ධීවර ජනතාවගේ නිවාස අලුත්වැඩියා කිරීමටත්, එම නිවාසවලට අවශ්‍ය උපකරණ හා බඩුමුට්ටු ලබා දීමටත් වැය කෙරේ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසි ආපදාවන් නිසා විපතට පත් හම්බන්තොට ධීවර ජනතාව නගා සිටුවීම සඳහා මෙවැනි මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙන් චයිනා හාබර් සමාගමට සිය ස්තුතිය රජය වෙනුවෙන් පළ කරන බව කීය.

Read more

Local News